Minggu 13 April 2025

Iklan

Swipe gestures ඉවත් කර දමන WhatsApp

Shadila
Wednesday, August 16, 2023
Last Updated 2023-08-16T15:50:46Z


 WhatsApp නිකුත් කරන beta release වලදි තමයි ඔවුන් නව විශේෂාංග වගේම සමහර පැරනි විශේෂාංග ඉවත් කිරීම වගේ දේවල් සිදුකරන්නෙ. ලගදි Android සදහා WhatsApp beta version 2.23.16.17 නිකුත් වුනා. එහි navigation bar එකෙ තිබෙන මෙනු අතර swipe කර මරුවෙන්න තිබුනු හැකියාව ඉවත් කර තිබෙනව. ඒවගෙම එහි මෙනු එක ඇපල් දුරකතන වල WhatsApp තිබෙන ආකාරයටම තිරයේ පහල කොටසේයි පිහිටා තියෙන්නෙ.

Android හි Material Design 3 මාර්ගෝපදේශ වලට අනුව nav bar එකමත swipe gestures සිදුකල නොහැකි බව WABetaInfo විසින් පවසා තිබෙනව. ඉතින් බොහෝදුරට stable update එක නිකුත් වෙන විටත් මෙම swipe කිරීමෙ හැකියාව ඉවත් වී තිබේවි.

masukkan script iklan disini

WABetaInfo තව දුරටත් පවසා තිබුනෙ වැඩිම beta පරීක්ශයන් සංක්‍යාවකට පලමු වතාවට මෙනු එක තිරයෙ පහල තිබෙන අප්ඩේට් එක ලබාදුන් බවයි.

බොහොමයක් පරිශීලකයන් මෙම swipe gestures ඉවත් කිරීම සම්බන්දයෙන් අප්‍රසාදය පළ කර තිබෙනව. මීටපෙර Chats, Calls, Communities, සහ Status tabs අතර අපට පහසුවෙන් මාරු වීමෙ හැකියාව තිබුන. ඉතින් මේ swipe gestures ඉවත් කර තිබෙන අප්ඩේට් එක සියලුම පරිශීලකයන් සදහා නිකුත් කරයිද කියල තවමත් නිශ්චිත තොරතුරක් නැහැ.

ඔබත් swipe gestures ඉවත් වෙනවට අකමැති නම් ඇප් අප්ඩේට් සිදු නොකර සිටින්න පුලුවන්.  නමුත් මෙය තාවකාලික විසදුමක් පමනයි. දිගු කලක් අප්ඩේට් නොකර සිටීමෙන් compatibility ගැටලු ඇතිවිමෙ හැකියාවක් තිබෙනව.


iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

Iklan