Mark Zuckerberg නිවේදනයක් නිකුත් කරමින් පවසා තිබුනෙ මීලග සති කිහිපයෙදි සියලුම පරිශීලකයන් සදහා Threads වල web version එකක් නිකුත් කරන බවයි. එවිට පරිශීලකයන්ට තමන්ගෙ පරිගණක වලිනුත් Threads බාවිතා කරන්න පුලුවන්.

දැනුත් Threads posts පරිගණක හරහා බැලිය හැකි නමුත් එහි තිබෙන විශේෂාංග සීමිතයි. ඒවගෙම එහි තිබෙන search function එක තවමත් වැඩ කරන්නෙ සීමිත ලෙසයි. දැනට එමගින් වෙනත් පුද්ගලයන් පිලිබද සෙවුමක් කර සොයාගත හැකි නමුත් යම් පෝස්ට් එකක් පිලිබද සෙවුමක් කර සොයාගැනීමට හැකියාවක් නැහැ.
මේ ආකාරයට Threads මගින් මෙම web version එක ලබාදෙන්න හදන්නෙ X මගින් විශාල වෙනස්කම් සිදුකරමින් සිටින වෙලාවකයි. මුදල් නොගෙවා X බාවිතා කරන පරිශීලකයන්ට web version එකෙදි දිනකට නැරබිය හැකි පෝස්ට් ගනන 600කට සීමා කර තිබෙනව.
Threads නිකුත් කර සතියක් වැනි කෙටි කාලයකින් එය මිලියන 100 පරිශීලකයන් ප්‍රමානයක් සිටින බව නිවේදනය කරා. නමුත් මෙටා සමාගම මිනිසුන් බලාපොරොත්තු වුනු තරම් විශේෂාංග සහිතව Threads නිකුත් කලේ නැහැ. එමනිසා කෙටි කාලයකින් එහි පරිශීලකයන් ගනන අඩු වෙන්න ගත්ත. ඉතින් මෙටා සමාගම දැන් නවාංග එක්කරමින් නැවතත් එම පරිශීලක පිරිස එක්කර ගන්න බලනව.