masukkan script iklan disini
සමාජ මාධ්‍ය වාරණය කිරීමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග වලට පිවිසෙන බව සමගි ජන බලවේග නායක හා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කර සිටිනවා.
විපක්ෂනායකවරයා මේ බව කියා සිටියේ, සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිතයින් සමඟ පැවති සාකච්ඡාවකට එක් වෙමිනුයි.
මෙය මුළුමනින්ම ජනතා හඬ නිහඬ කිරීමට දරන උත්සාහයක් බව ද පැවසූ සජිත් ප්‍රේමදාස මහතා, මාර්ග ගත ක‍්‍රම වල ආරක්ෂාවට යයි පනතක් ඉදිරිපත් කර ඇතත් එහි ඇත්තේ සම්පූර්ණ මර්දනය මිස ආරක්ෂාවක් නොවන බවයි.
ෆේස්බුක්, ට්විටර්, ඉන්ටග‍්‍රෑම්, යාහූ වැනි ප්‍රධාන පෙළේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවෙන් ඉවත් වන බවට දැනටමත් අනතුරු අඟවා ඇති බව ද හෙතෙම එහිදී අවධාරණය කර සිටියා.