Jum'at 11 April 2025

Iklan

ළමුන්ගේ පරිශීලක දත්ත වැරදි ලෙස පරිහරණය කිරීම නිසා අයර්ලන්තයේ දත්ත නියාමකයින් විසින් TikTok වෙත යුරෝ මිලියන 345 ක දඩයක් නියම කරයි

Shadila
Sunday, September 24, 2023
Last Updated 2023-09-24T19:04:01Z
masukkan script iklan disini

 

අයර්ලන්ත දත්ත ආරක්ශණ කොමිශන් සභාව විසින් බාල වයස්කාර ගිණුම් වැරදි ලෙස පරිහරණය කිරීම හේතුවෙන් Tik Tok සමාගමට දැවැන්ත දඩ මුදලක් නියම කර තිබෙනවා.

මේ වන විටත් පරිශීළක දත්ත පුද්ගලිකව තබා ගැනීමේදී Tik Tok මව් සමාගම වන ByteDance විශ්වාසදායක නොවන බව වසර ගණනාවක් තිස්සේම ලැයිස්තු ගතව තිබෙන අතර බොහෝ රටවල් මගින් දැනට තහනම් කරද තිබෙනවා.

ඒ අනුව DPC මගින් තහවුරු කළේ බාල වයස්කාර ගිණුම් වැරදි ලෙස පරිහරණය කිරීම නිසා Tik Tok වෙත යුරෝ මිලියන 345 ක දඩයක් නියම කළ බවයි. ආසන්නව ලංකා මුදලින් බිලියන 100ක් පමණ වෙනවා.

මෙහිදී Tik Tok විසින් කුඩා ළමුන්ගේ පරිශීළක ගිණුම් Public කිරීම හරහා යුරෝපීය සංගමයේ GDPR උල්ලංඝනය කර තිබෙන්නේ ඕනෑම පුද්ගලයෙකුට පරිශීලකයාගේ පැතිකඩ බැලීමට සහ ඕනෑම පළ කිරීමකට අදහස් දැක්වීමට ඉඩ සළසවමිනුයි.

iklan
Komentar
komentar yang tampil sepenuhnya tanggung jawab komentator seperti yang diatur UU ITE
  • Stars Rally to Beat Predators in Winter Classic at Cotton Bowl

Health

Iklan