masukkan script iklan disini
1. Symmetric Crypto Systems
මේකෙදි ගුප්ත කේතනය (Encryption) සහ විකේතනය (Decryption) කියන දෙකටම භාවිතා කරන්නේ එකම key එකක්. මේ ක්‍රමයේදී තියන ප්‍රධානම ප්‍රශ්නේ තමා සම්ප්‍රේශකයා සහ ග්‍රාහකයා කියන දෙන්නා අතරේ key එක හුවමාරු කරගන්නකොට රහස්‍යභාවය රැකෙන විදිහට හුවමාරු කිරීමේ අපහසුතාවයි. හැබැයි එක key එකක් විතරක් භාවිතා කරන නිසා කාර්යක්‍ෂමතාවය වැඩියි. ඒ වගේම මේ ක්‍රමයේදි පණිවිඩය එවූ පුද්ගලයා අනන්‍යව හදුනාගන්න බෑ.
2. Asymmetric Crypto Systems
මේ system එකේදි එක්කෙනෙක්ට පෞද්ගලික යතුර (Private key) සහ පොදු යතුර (Public key) කියලා 2 ක් තියනවා. Public key එක පොදුවේ ඕනම කෙනෙක් අතර හුවමාරු කරගන්න පුළුවන්. හැබැයි Private key එක රහසිගතව තබාගන්නවා. හැබැයි Private key එක වෙන කෙනෙක් අතට ගියොත් සම්ප්‍රේෂණය කරන පණිවිඩ සියල්ල එයාට බලන්න පුළුවන්.